වාචික නොවන ඉගෙනුම් දුෂ්කරතා

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

වාචික නොවන ඉගෙනුම් දුෂ්කරතා

Dinusha Manjarie Wickremesekera

ඉගෙනීම යන්නෙන් අදහස් වන්නේ අප ඉපදුණ දා සිට ආරම්භ වන අඛණ්ඩ ක්‍රියාවලියකි. අපගේ භෞතික සංවර්ධනය, සමාජීය හා මානසික වර්ධනය, භාෂා ඥානය සහ සන්නිවේදනය හා සංජානන සංවර්ධනය යනාදී අරමුණු වෙනුවෙන් අපි ඉගෙන ගනිමු. දරුවකුගේ ඉගෙනුම් විශේෂයෙන් සාක්ෂරතාව, ගණිතමය කුසලතා, ලෝකය අවබෝධ කර ගැනීම සහ ප්‍රකාශන කලාවන් හා නිර්මාණ යන ක්ෂේත්‍ර  තුළදී ඇගයීමට ලක් කරනු ලබයි.

පුද්ගලයකුගේ මොළයේ ව්‍යුහයේ හෝ ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් ඇති විය හැකිය. එසේ වීමේදී තොරතුරු සකස් වෙන ආකාරයේද වෙනසක් සිදු විය හැකිය. ඒ තුළින් ඉහත දැක්වූ ඉගෙනුම් ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක කුසලතාවයන් ලබා ගැනීමේ/ දියුණු කිරීමේ දුෂ්කරතා ඇති විය හැකිය. එවැනි අවස්ථාවන් ඉගෙනීමේ ආබාධ වේ.ඉගෙනුම් ආබාධයන් විවිධාකාර වන අතර ඒ ආකාරයේ ආබාධ දරුවකු හෝ වැඩිහිටියෙකු සතු වේ නම් ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ බුද්ධි මට්ටමෙහි අඩු බව හෝ ඒ සඳහා පෙළඹවීමක් නොමැති බව නොවන වග තරයේ මතක තබා ගත යුතුය. මේ හේතුවෙන් වමේ සිට දකුණ පිළිබඳ දැන ගැනීම, දුර්වල ශාරීරික සම්බන්ධීකරණය හේතුවෙන් වන අපිළිවෙල, කියවීමේදී අකුරු මඟ හැරීම හෝ වෙනස් වීම, රටා හඳුනා ගැනීමේ දුෂ්කරතා, යටි අර්ථය තේරුම් ගැනීමේ අපහසුතාව වැනි අපි සුළු කොට සිතන බොහෝ දේවල් දුෂ්කරතා ඇති මින් ඇති වේ. සමාජ සන්නිවේදනයේදී සැඟවුණු අර්ථයන් බොහෝ සුලභ වන අතර සංවිධානාත්මක බව,පැවරෙන කාර්ය සම්පූර්ණ කිරීම සහ කාල කළමනාකරණය වැනි දේද එහිදී සුවිශේෂී වේ.

ඉගෙනුම් ආබාධයන් කෙනෙකුගේ ජීවිතය පුරා පවතිනු ඇති අතර සමහර විට වයස සමඟ එම තත්වය තරමක් අඩු විය හැකිය. එහෙත් එම තත්වයන් කලින් හඳුනා ගනිමින් ඊට  මැදිහත් වීම තුළින් අමතර උපකාර හා ඔවුන්ගේ ශක්තිය හා මුහුණ දෙන අභියෝග හඳුනාගනිමින් ඒ මත පදනම් වූ විශේෂිත උපදෙස් ලබා දීම තුළින් ඉතා ධනාත්මක ආකාරයේ වෙනසක් ඇති කර ගැනීමට හැකි වනු ඇත.

වාචික නොවන ඉගෙනුම් දුබලතා සන්නිවේදනයට මෙන්ම සන්නිවේදනය කිරීමට ඇති හැකියාවට සම්බන්ධ වේ. යමෙක් කතා කරන විට ප්‍රධාන වශයෙන් සන්නිවේදන ක්‍රම දෙකක් භාවිත කරනු ලබයි. ඒ වාචික හා වාචික නොවන සන්නිවේදනයයි.අපගේ සන්නිවේදනයෙන් ආසන්න වශයෙන් 60]ක් පදනම් වී ඇත්තේ කටහඬහි ස්වරය හා වේගය, ච්ත්තවේගී ප්‍රකාශන වැනි වාචික නොවන ඉඟි මතය.

පුද්ගලයකුට වාචික නොවන ඉගෙනුම් ආබාධයක් ඇති විට මෙම වාචික නොවන ඉඟි වැනි දේ මඟ හැරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දේ තේරුම් නොගනී. ප්‍රකාශ කළ දෙයට අදාළව ප්‍රතිචාර දැක්වීම වඩාත් අපහසු වේ. ඒ හේතුවෙන් කාංසාව ඇති වන අතර කාන්සාව ලෙස අර්ථකනය කරනු ලබන්නේ අවබෝධයේ ඌණතාවය ශක්තියකින් හා ශක්තිමත් වාචික සන්නිවේදනයකින් සඟවා තැබීමයි. වාචික නොවන ඉගෙනුම් ආබාධ සහිත පුද්ගලයින් භාෂා කසලතාව ඉතා වේගයෙන් ලබා ගැනීමටත්, එය හොඳින් භාවිත කිරීමටත් සමහර විට සංවාදයන්හි ගැඹුරින් නියැලීමටත් උත්සාහ දරයි. වාචික නොවන ඉගෙනීමේ ආබාධ සහිත පුද්ගලයකු සංවාදයක කැපී පෙනෙන අතර අර්ථය මතු කිරීමේදී අත් විඳින ගැටළු සඟවා ගැනීමට  වාක්‍යයේ මැද කොටස විකෘති කිරීමට කටයුතු කරනු ලබයි.

පිරිමි ළමුන්ට මෙන්ම ගැහැණු ළමුන්ටද එක සේ බලපෑම් ඇති කරනු ලබන මෙම වාචික නොවන ඉගෙනීමේ ආබාධය පාරම්පරික වශයෙන්ද සිදු වන බවට සාක්ෂි ඇත. එය විශේෂයෙන් බලපානු ලබන්නේ මොළයේ දකුණු දකුණු අර්ධ ගෝලයටයි. මේ හේතුවෙන් සිදු විය හැකි ප්‍රධාන ගැටළු භෞතික සම්බන්ධීකරණය, සමාජ අන්තර්ක්‍රියා, ගැටළු විසඳීම, අදහස් පෙළගස්වා ගැනීම සහ සැළසුම් කිරීම යන අංශයන් වෙත බහුලව බලපාන බවද සොයාගෙන ඇත.

මෙහි රෝග ලක්ෂණයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර පොදු වේ ගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්විය හැකියි.

  • වාචික නොවන ඉඟි හඳුනාගැනීමේ අපහසුව
  • මුල් කතනය සහ භාෂා අත්කර ගැනීම
  • දුර්වල සම්බන්ධීකරණය සහ ඒ හේතුවෙන් ඇති වන අවුල් සහගත බව
  • වැඩ කිරීමේ දුර්වලතාවය
  • නිතර ප්‍රශ්න ඇසීමේ ප්‍රවණතාව හා සමහර විට නැවත නැවත ඇසීම
  • පෙනෙන අවකාශය හඳුනා ගැනීමේ දුර්වලතාව - මේ හේතුවෙන් යම් යම් දේවල හැප්පීම සිදු විය හැකිය.
  • සියලු දේ වචනාර්ථයෙන් ගැනීමට උත්සාහ කිරීම
  • සිදුවන වෙනස්කම් සමඟ හොඳින් කටයුතු කළ නොහැකි වීම
  • එකවර ලබාදෙන පියවර රැසක් අනුගමනය කිරීමට නොහැකි වීම
  • කිසිම දෙයක පුළුල් දැක්මක් නොමැති වීම

මෙම ලක්ෂණ එකක් හෝ දෙකක් තිබූ පමණින් කිසිවකු වාචික නොව ආපබාධ ඇති අයකු ලෙස පිළිගත නොහැකිය. එය පිළිගත හැක්කේ සුදුසුකම්ලත් මානසික සෞඛ්‍ය වෘත්තියකු විසින් මාස 6කට පෙර නිරීක්ෂණය කිරීමෙන් අනතුැව සිදු කරන රෝග විනිශ්චයකින් පසුව පමණකි.

වැඩිවිය පැමිණීමේදී ඇතිවන සමාජ සාංකාව ඉහළ යාම හා පාසලේදී ඇති වන ඇති වන ප්‍රශ්න හේතුවෙන් ඉහළ මට්ටමේ අවබෝධයක් අවශ්‍ය බැවින් වාචික නොවන ඉගෙනුම් ආබාධ විශේෂයෙන් ගැටළුකාරී විය හැකිය.

මෙහිදී ඔබ විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම දෙය නම් බොහෝ දේ කතා කරන කටකාර දරුවකු කතා කිරීමේදී කැඩි කැඩී කතා කරයි නම් හෝ  ඇයට හෝ ඔවුට වාචික නොවන ඉගෙනීමේ ආබාධයක් ඇත්නම් ඔහු හෝ ඇය දන්නා ආකාරයෙන් අන්තර් ක්‍රියාවන් සිදු කරන තරමටම ප්‍රභල විය නොහැකි බවයි. මෙවන් දරුවන්ට කරුණාවෙන් සහ නිශ්චිත උපාය මාර්ග යොදා ගනිමින් ඔවුන්ගේ ශක්තිය වැඩි කර ගැනීමට සහ අභියෝග ජය ගැනීමට සහයෝගය ලබා දීම ඔවුන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට බෙහෙවින් හේතු වනු ඇත.

උපදෙස්

කාට හෝ එය නොලැබීම පිළිබඳව ඔබ කවදා හෝ සිතුවාද? ඔබ පැවසූ යමක් වඩා හොඳින් තේරුම් ගන්නා අයුරින් ප්‍රකාශ කළද ඔහුට/ඇයට එය අවබෝධ වන්නේ නැත. එය ඔබට කරදර කිරීමේ අරමුණින් කරන ක්‍රියාවක්ද එසේත් නොමැති නම් වාචික නොවන ඉගෙනීමේ ආබාධයක්ද යන්න ඔබට කියවා දැන ගත හැකියි.

හෝ

අප වාචික නොව ඉඟි මත විශ්වාසය තබා සන්නිවේදනය කිරීම එම ඉඟි සැකසීමට නොහැකි සමහර පුද්ගලයන්ට අවාසියක් විය හැකිය. ඒ පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වනු ඇත. වාචික නොවන ඉගෙනීමේ ආබාධයක් යනු කුමක්ද ඒවා ප්‍රකාශ කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳව කියවා වැඩි විස්තර දැනගන්න.

Recommended Articles