වැඩ සහ වගකිම් - නිවසේ වැඩවලට උදව් කිරීම

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

වැඩ සහ වගකිම් - නිවසේ වැඩවලට උදව් කිරීම

Dinusha Manjarie Wickremesekera

වැඩිහිටියන් වශයෙන් අපි පිළිබඳ හා නිවසේ වැඩ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට මෙන්ම අපි ආසා කටයුතු කිරීමට නිරායාසයෙන්ම කටයුතු කරයි. දෙමව්පියන් වශයෙන් අපි සිතා බැලිය යුතු ප්‍රශ්නයක් වන්නේ අපගේ දරුවන් වඩාත් ස්වාධීනව කටයුතු කිරීමටත් එතුලින් ඔවුන් පිළිබඳව ප්‍රවේසම් වීමටත් උනන්දු කරවීමටය.

ස්වාධීන බව පෝෂණය කිරීමට වයස අවුරුදු 2 සිට 3 කාලයේ පටන් ආරම්භ කල හැකිය. ඔබ දැනටමත් එය ආරම්භ කර නැති නම් කවදාවත් එය ආරම්භ කිරීමට ප්‍රමාද යැයි නොසිතන්න.

විවිධ ක්‍රියාකාරකම් හඳුන්වාදීම තුළින් කායික හා සංජානනීය සංවර්ධන අදියර සමාන කරගත හැකිය. දරුවන්ගේ ස්වාධීන බව ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්වලට තනිවම සෙල්ලම්, තනිවම ඇඳුම් ඇඳ ගැනිමට පුරුදු කිරීම, තමන්ව පිරිසිදු කර ගැනීමට ඉගෙන ගැනීම, කෑමට හෝ තමාට අවශ්‍ය දේ තනිවම ලබා ගැනීමට පුරුදු වීම, ආහාර පිසීමට ඉගෙනීම, ගෙවතු වගාව, මුදල් භාවිතයට ඉගෙනීම ආදිය වැදගත් ඉගැන්වීම් වේ. මෙවැනි ක්‍රියාකාරකම්වල නිරත වීම ඔවුන්ගේ සංජානනීය කායික හා සමාජීය, චිත්තවේගීය බුද්ධිය සඳහා උපකාරී වේ.

අපි දරුවන්ව ගෙදර දොරේ වැඩ කටයුතුවලට සහභාගී කර ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් වේ.

  1. වයසට ගැලෙපෙන ක්‍රියාකාරකම් ලබා දීම, ඔවුන්ගෙන් අපේක්ෂා කරන කාර්යය අවබෝධ කරගෙන තිබීම, හා එම කාර්යය සිදුකරන ආකරය දැනගෙන සිටීම තහවුරු කරගත යුතුය. අදාල කාර්යය කිරීමට දරුවන් සංවර්ධනය වී තිබිය යුතුය. උදාහරණයක් වශයෙන් ඇඳ සෑදීම ගනිමු. ඔබ කිහිපවරක්ම දරුවන් සමඟ එය කරන්න. එවිට ඔහුට හෝ ඇයට එය ඉගෙනගත හැකිය. දරුවන් සමඟ කතා කරමින් ඔවුන්ගේ සහය අවශ්‍ය වේලාවට ලබාගන්න. නමුත් ඔවුන්ට එම කාර්යයේ වගකීම ලබා දීම ඔවුන් වැඩිහිටියන් වූ පසු ලබා දෙන්න.
  2. ක්‍රියාකාරකම් හඳුන්වාදීමේ දී සමහරවිට ඔවුන්ගෙන් විශේෂිත ප්‍රතිරෝධයක් ඇති විය හැකිය. එය වෙනසක් හා වෙනස අපහසුවීමක් විය හැකිය. හොඳ පුරුදු ඇති කිරීමට නියමිත කාලයක් හා නීති අනුගමනය කිරීම වැදගත් වේ. දරුවන්ගේ උදව් ඔබට කෙතරම් වැදගත්දැයි සාකච්ඡා කිරීමෙන් හා දරුවන් ඉටුකරන ලද කාර්යයන් වෙනුවෙන් පැසසුම් ලබා දීම මඟින් දරුවන්ට වගකීම් සහගත බව හා හැකියවන් ඇති බව දැනී යයි.
  3. ත්‍යාග ලබා දෙන්න.ඔවුන් තරුණ වීමේ දී මූල්‍යමය තෑගී ලබා දිය හැකිය. එමඟින් තමන්ට අවශ්‍ය දෑ මිලට ගැනීමට මුදල් ඉතිරි කිරීමට ඉගෙන ගනී. කුඩා අවධියේ දී ඔවුන් කැමති දෙයක් ත්‍යාග වශයෙන් ලබා දිය හැකිය.

ඔවුන් ගෙදරදොර වැඩකටයුතු හොඳින් ඉගෙනගත් පසුව ඔවුන්ට දක්ෂ බව හා වගකීම් සහගත බවක් දැනෙයි. පවුලක් වශයෙන් සාමූහිකව වැඩකටයුතු කිරීමෙන් ගෙදරදොර වැඩකටයුතු ඉක්මනින් නිමා කර ගත හැකිය. එවිට පවුලක් වශයෙන් සතුටින් එකට ගත කිරීමට කාලයක් ලබා ගත හැකිය.

නිවසේ වැඩ කටයුතු සඳහා දරුවන් සහභාගී කර ගැනීමට සැලසුම් කරන්න. පහත යෝජනාවන් සලකා බලන්න.

  1. සිදුකිරීමට ඇති කාර්යයන් පිළිවෙලකට පෙළගස්වන්න. වෙනස්කම් සරලව ඔවුන්ට කියා දෙන්න.
  2. වයසට ගැළපෙන ක්‍රියාවන් ලබා දෙන්න. කලහැකි නීරස නොවන, භයානක නොවන දෑ.
  3. පැහැදිලිව දරුවා කිරීමට අවශ්‍ය කාර්යය සන්නිවේදනය කරන්න. දරුවන්ව වර්ණනා කරමින් ආකර්ශනීය බව වැඩි කරමින් කාර්යය නිමා කිරීමට උදව් වන්න.

මොනවගේ ක්‍රියාකාරකම්ද ඔබගේ වැඩ මණ්ඩලයට අන්තර්ගත කල හැක්කේ? මෙම යෝජනා සලකා බලන්න.

  1. සෙල්ලම් බඩු අයින් කිරීම
  2. ඇඳුම් ඇඳ ගැනීම
  3. රෙදි සේදීමට උදව් කිරීම

ගෙදරදොර වැඩ කටයුතු යනු පවුලක් වශයෙන් එකමුතුව කටයුතු කිරීමට ඇති මාර්ගයකි. ඔබගේ නිවසේ වැඩ කටයුතු එලෙස පවුලේ සැමගේ වගකීමක් කිරීමට ඔබ සටන් කරනවාද?

 

Recommended Articles