රිද්මයට අනුව නර්තනය
ඔවුන් සමඟ ඉඳගෙන සිටීම සහ කතා කිරීම හෝ පොතක් කියවීම ඔබේ දරුවා සමඟ කාලය ගත කළ හැකි එක් ක්‍රමයකි. නමුත් දරුවන් එහා චලනය වීමට, නර්තනයට, පැනීමට හෝ දිවීමට කැමති බව අමතක නොකරන්න. මෙය ඔවුනගේ හැකියාවන් වර්ධනය කරමින් ඔවුන් සමඟ සම්බන්ධ වීමට හා සතුටු වීමට කදිම අවස්ථාවකි.
පියවර 1 - ප්‍රබෝධමත්, රිද්මයානුකූල ළමා ගීත වාදනය කරන්න.
පියවර 2 - ඔබේ දරුවා සමඟ නර්තනයේ යෙදෙන්න. ඔබ කරන චලනයන් ඔවුන්ට අනුකරණය කළ හැකිදැයි බලන්න.
පියවර 3 - එම කටයුත්තේදී සමබරතාවය සහ ඉරියව් දැරීමට ඔවුන්ට ඉඩ දෙන්න.
පියවර 4- ඉන්පසු ක්‍රමයෙන් ඔබේ දරුවාට සංගීතයේ රිද්මයට පනින්න සහ අත්පුඩි ගැසීමට උනන්දු කරවන්න.
බෙදාගන්න
Recommended Articles
බැලුන් සමඟ විනෝදවීම
බොහෝ දරුවෝ බැලුම්වලට ඇලුම් කරති. වර්ණවත් වීම සහ ඒවා උඩ දමමින්, අල්ලමින් සෙල්ලම් කළ හැකි වීම ඔවුන්ට පැය ගණනාවක් පවතින විනෝදයක් ලබා දෙයි. එමෙන්ම ඒවා පිපිරුණොත් එම...
Read More