මුල් අවුරුදු පහ තුළ ඔබේ දරුවාගේ භාෂා කුසලතා සංවර්ධනය සඳහා උදවු වන්න

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

මුල් අවුරුදු පහ තුළ ඔබේ දරුවාගේ භාෂා කුසලතා සංවර්ධනය සඳහා උදවු වන්න

Nimali Buthpitiya

 

පළමුු අවුරුදු කිහිපය තුළ සිදුවන භාෂා කුසලතා සංවර්ධනය දරුවකුගේ ජීවිතය තුළ වැදගත් භූමිකාවක් ඉටු කරයි. එතුළින් ඔවුනට අවට පරිසරයේ සිදුවන දෑ අවබෝධ කර ගැනීමට මූලික අවශ්‍යතා සන්නිවේදනය කිරීමට, ඔවුන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට, සංවාද පවත්වා ගැනීමට, ඉගෙනීම සහ පරිකල්පනය ක‍්‍රියාවට නැංවීමට, සමාජ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට, ප‍්‍රශ්න විසඳීමට සහ තවත් බොහෝ දෑ ගොඩනඟා ගැනීම සඳහා උපකාරී වේ. භාෂා කුසලතා අත්පත් කර ගැනීම සමාජ, බුද්ධිමය, ශාරීරික සහ මානසික අංශ වර්ධනය සඳහා ද අතිශයින්ම වැදගත් වෙයි.

දරුවකුගේ පළමු වසර පහ තුළ භාෂා වර්ධනය යන්නෙන් කුමක් අපේක්ෂා කරයි ද?

පළමු වසර පහ තුළ කථනය සහ භාෂා සංවර්ධනය ආකාර හතරකට සිදු වෙයි.

  • උච්චාරණය කිරීමට ඉගෙනීම.
  • අළුත් වචන හා ඒවායේ තේරුම ඉගෙනීම.
  • වාක්‍යයන් තුළ වචන හැසිරවීමේ නීති ඉගෙනීම.
  • භාෂාව යොදාගැනීමේ දී සමාජ නීති ඉගෙනීම. (වාචික සහ වාචික නොවන දෙපාර්ශවයෙන්ම)

 

අපි මෙම ක‍්‍රියාවලිය තුළ අවබෝධ කරගත යුතු වැදගත් දෙය වන්නේ, දරුවන් ස්වාභාවිකවම මෙම 

ප‍්‍රගතිය අත් කර ගැනීමට නිර්මාණය වී ඇති බවයි. ස්වාභාවිකවම මුල් ළමා වියේදී දරුවන් මෙම 

කුසලතා වර්ධනයට යොමු වන බැවින් ඒ පිළිබඳව විශාල වශයෙන් කරදරයට පත් නොවිය යුතු අතර

දරුවන්ට භාෂා කුසලතා නිසි ප‍්‍රමාණයෙන් අත්පත් කර ගැනීමට උදවු කිරීම වැදගත් බව සිහි තබා 

ගත යුතුය.

 

තවත් බොහෝ දෑ ගොඩනඟා ගැනීම සඳහා උපකාරී වේ. භාෂා කුසලතා අත්පත් කර ගැනීම සමාජ

බුද්ධිමය, ශාරීරික සහ මානසික අංශ වර්ධනය සඳහා ද අතිශයින්ම වැදගත් වෙයි.

දරුවකුගේ පළමු වසර පහ තුළ භාෂා වර්ධනය යන්නෙන් කුමක් අපේක්ෂා කරයි ද?

පළමු වසර පහ තුළ කථනය සහ භාෂා සංවර්ධනය ආකාර හතරකට සිදු වෙයි.

උච්චාරණය කිරීමට ඉගෙනීම. 

 අළුත් වචන හා ඒවායේ තේරුම ඉගෙනීම.

 වාක්‍යයන් තුළ වචන හැසිරවීමේ නීති ඉගෙනීම.

 භාෂාව යොදාගැනීමේ දී සමාජ නීති ඉගෙනීම. ( වාචික සහ වාචික නොවන දෙපාර්ශවයෙන්ම )

අපි මෙම ක‍්‍රියාවලිය තුළ අවබෝධ කරගත යුතු වැදගත් දෙය වන්නේ, දරුවන් ස්වාභාවිකවම මෙම 

ප‍්‍රගතිය අත් කර ගැනීමට නිර්මාණය වී ඇති බවයි. ස්වාභාවිකවම මුල් ළමා වියේදී දරුවන් මෙම 

කුසලතා වර්ධනයට යොමු වන බැවින් ඒ පිළිබඳව විශාල වශයෙන් කරදරයට පත් නොවිය යුතු අතර

දරුවන්ට භාෂා කුසලතා නිසි ප‍්‍රමාණයෙන් අත්පත් කර ගැනීමට උදවු කිරීම වැදගත් බව සිහි තබා 

ගත යුතුය.

 

ඔබට උදවු කළ හැක්කේ කෙසේද?

ඔවුන්ට හොඳින් මෙම කාර්යය කිරීමට අවශ්‍ය වන්නේ ඔබගේ අරුත්බර සහයෝගය පමණි.

මිනිස් ක‍්‍රියාකාරකම් භාෂාව ඉගෙනීමේ ක‍්‍රියාවලියට විශාල වශයෙන් දායක වෙයි. ඔබට අවශ්‍ය ඔබේ දරුවාගේ භාෂාව හෝ කතා කිරීමේ හැකියාව දියුණු කිරීමට නම්, තාක්ෂණික මාධ්‍ය භාවිතය උදාහරණ වශයෙන් රූපවාහිනී වැඩසටහන්, විද්‍යුත් උපකරණ යනාදිය මුල් ළමා වියේදී සාර්ථක මෙවලම් නොවේ. මුහුණට මුහුණ සැබෑ මිනිසුන් අතර සිදුවන ක‍්‍රියාවන් ඔවුන්ට සහයෝගයක් වශයෙන් ලබා දිය යුතුය. දෙමවුපියන්, සහෝදර සහෝදරියන්, ආච්චි, සීයා සහ නෑදෑ හිතමිතුරන් මෙන්ම ගුරුවරුන් ද මීට ඇතුළත්ය.

ඔබ වඩ වඩාත් ඔබේ දරුවා සමඟ අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වීම සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම තුළින් මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය වඩ වඩාත් ඉහළ යනු ඇත.

 ඔබ මෙම ගමනෙහි නිරතවන දරුවාට උදවු කිරීම සඳහා,

 

  • හොඳ ඇහුම්කන් දීමේ කුසලතා හා අවධානය ලබා දීම.
  • පවසන ලද වචන අවබෝධ කර ගැනීම
  • කතා කිරීම හා ඔවුන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට සිතුවිලි අවශ්‍යතා, වුවමනා සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම.

යනාදිය පුහුණු වීමට වැඩි කාලයක් ලබා දිය යුතුය.

 

ඔබගේ දරුවාගේ කතා කිරීම හා භාෂා කුසලතා වර්ධනය කිරීම සඳහා උපක‍්‍රම..

ඔබගේ දරුවන් නිරීක්ෂණය සහ අනුකරණය මඟින් ඉගෙන ගනියි. එම නිසා ඔබ භාෂාව 

භාවිතයේදී හොඳ නිදර්ශකයෙකු බවට පත්වන්න. මේ සඳහා ද 

  • ඉතා වේගයෙන් කතා නොකිරීම. ඔබගේ දරුවාට ඔබ පැවසූ දේ පිළිබඳ සිතීමට ඉඩ ලබාදීම.
  • ධනාත්මක සහ තැන්පත් කටහඩක් පවත්වා ගැනීම.
  • කෙටි වාක්‍ය භාවිතය
  • ඇස් සබඳතා පවත්වා ගැනීම - දරුවාගේ මට්ටමට නැමී සිටින්න.
  • නිවැරදි සහ නිරවුල් උච්චාරණ භාවිතය සුරතල් ළදරු වදන්, වචන සඳහා භාවිතයෙන් වැළකීම - මෙය දරුවාගේ වචන මාලාව සීමා කරයි.
  • ඔබගේ පූර්ණ අවධානය යටතේ පවත්වන දැනුම්දීමේ ක‍්‍රියාකාරකම්
  • ඔවුන් කතා කරන අතරතුර බාධා නොකිරීම
  • ආදරය සහ දයාව වචන තුළට මුසු කිරීම.

 

වැනි ක‍්‍රම අනුගමනය කළ හැකිය.

 

හැකිතාක් ඔවුන්ට ඇසෙන්නට කියවීම සහ ඔවුන් සමඟ කියවීම සිදු කල යුතුය.

අළුත් වචන පිළිබඳව ඔවුන් ආස කරන කතන්දර පිළිබඳව, ප‍්‍රශ්න ඇසීම හා ඒවාට උත්තරදීමට කාලය ගත කිරීම, කතන්දරයක සියලූම පිටු පිළිබඳව කතා කිරීම සිදු කල යුතුය.

 

දරුවා සමඟ සංවාද ගොඩනඟා ගැනීම.

ඔවුන් සෙමෙන් සහ කාලය ගත කරමින් අවශ්‍ය වචන තෝරා ගන්නා තෙක් ඉවසීමෙන් සිටින්න. ඔබ කතා කරන්නේ ඔවුන්ටය. ඉතින් දරුවන් ආසා කරන මාතෘකා තෝරා ගන්න සහ අළුත් වචන ඔවුන්ගේ වචන මාලාවට ඇතුළත් කරන්න. ඔබගේ සංවාද තුළින් ධනාත්මක වීමට සහ සුභවාදී වීමට අමතක නොකරන්න.

 

දරුවන් සමඟ ගායනය කරන්න.

භාෂා කුසලතා සංවර්ධනය විවිධ වර්ගයේ ශබ්ද රිද්ම ඇසීමට සහ ඒවා ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම ඉතා වැදගත් ය.

 

නිදහසේ සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙන්න.

දරුවන්ට ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් තෝරා ගැනීමට, ඒවායේ නිරත වීමට සහ ඔවුන්ගේ සෙල්ලම් මවාපදම් වලට ඉඩ ලබා දෙන්න.

 

නිවස තුළ භාෂාව හැසිරවීම නිරතුරුව සාර්ථකව කරන්න.

කියවීමට පොත් පත් කිහිපයක්, ඔවුන්ට නිදහසේ ඇහුම්කන්දීමට හා අවධානය ලබා දීමට නිශ්ශබ්ද වටපිටාවක්, විවිධ වර්ණ වලින් සමන්විත වචන ඇතුළත් සෙල්ලම් බඩු යනාදිය භාෂාවට දරුවන් නිරාවරණය වීම වැඩි කරයි.

 

  • ඔබගේ දරුවාගේ භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට උපක‍්‍රම 
  • භාෂාව භාවිතයේදී ඔබ හොඳ නිදර්ශකයෙකු වන්න.
  • හැකිතාක් ඔවුන්ට ඇසෙන සේ කියවන්න. එමෙන්ම ඔවුන් සමඟින් කියවන්න.
  • දරුවා සමඟ සංවාද නිර්මාණය කරන්න. ඔබගේ සංවාද ධනාත්මක බවෙන් හා සුභවාදීබවෙන් යුක්ත කර ගන්න.
  • දරුවන් වෙනුවෙන් ගයන්න. එලෙසම දරුවන් සමඟින්ද ගයන්න. 
  • නිදහස් හා මවාගැනීම් සඳහා පෙළඹීම් ලබා දෙන්න.
  • සාරවත් භාෂා පරිසරයක් නිවස තුළ ඇති කරන්න.

 

Recommended Articles