ඔබගේ දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳව දැනුවත් වෙමු

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

ඔබගේ දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳව දැනුවත් වෙමු

Nimali Buthpitiya

දරුවන් උපදින විටම ඉගෙනීම සඳහා අභ්‍යන්තර බලපෑමෙන් ඔවුන් තුළ ඇති වෙයි. දරුවන් ඔවුන් පිළිබඳව අනෙකුත් අය පිළිබඳව සහ ඔවුන් අවට ලෝකය පිළිබඳව ඔඅබ ඔවුන් සුරතල් කරන හැම විටම, ඔවුන් ඇවිදීමට යන විට, අන්අය සමඟ ගණු දෙනු කරන විට හෝ සෙල්ලම් කරන විට ඉගෙන ගනියි. ඔවුන් තමන්ගේ පංච ඉන්ද්‍රියන්ගෙන් ඇතිවන සංවේදනා තුළින්  ඕනෑම දෙයක් ඉගෙනගනී. එනම් දරුවන් ඔවුන් දකින, අසන, හැගෙන, දැනෙන සහ රස විඳින දේවල් තුළින් ඉගෙනීම ලබයි.

දරුවන් මොළය වර්ධනයේ සංධිස්ථාන පසුකරන විට ඔබට ඔවුන් තුලින් මෙම දක්ෂතා හඳුනාගත හැකිය.

  • අවදානය යොමු කිරීම සහ ප්‍රතිචාර දැක්වීම.
  • භාෂාව ඉතා ඉක්මනින් ඉගෙන ගැනීම.
  • දේවල් හොඳින් මතකයේ තබා ගැනීම.
  • තොරතුරු හොඳින් සිතීම සහ ක‍්‍රියාවලියට නැංවීම.
  • සරල ගැටලූ විසඳීම.
  • හේතුව සහ ප‍්‍රතිඵලය පිළිබඳව අවබෝධය ලැබීම.

මෙම කුසලතා දරුවකුට වැදගත් වන්නේ ඇයි?

උපතේ සිට අවුරුදු පහක් දක්වා දරුවන්ගේ ස්නායු විවිධ පැතිකඩයන්ගෙන් සංවර්ධනය වෙයි. ජීවිතයේ සියලූම අවධීන් වලට වඩා මෙම කාලය තුළ දරුවක ුගේ මොළයේ වර්ධනයක් දක්නට ලැබේ. මේ කාලයේදී දරුවන් පටන්ගන්නවා ඉගෙනීම සහ සංවර්ධනයට අදාල වන භාෂාව, කියවීම, වචන මාලාවන් සාදා ගැනීම, ගණන් කිරීම ආදී සංකල්ප අවබෝධ කර ගැනීමට. අඛණ්ඩව ශාරීරික වර්ධනයට, භාෂාව ඉගෙන ගැනීමට, සමාජ හා චිත්තවේග සංවර්ධනය යනාදියට මොළයේ වර්ධනය උපකාරී වෙනවා. එම නිසා දෙමව්පියන් වශයෙන් එම ස්නායු සම්බන්ධ වර්ධනයන්ට උදවු කිරීමට සහ අර්ථවත්ව සහයෝගය දැක්වීම අතිශයින්ම වැදගත් කාරණාවක් වනවා.

දරුවන්ට නිවසේදී සහයෝගය ලබා දෙන්නේ කෙසේද?

දරුවන්ගේ පංච ඉන්ද්‍රියන් උත්තේජනය කරන්න.

නිවසේ දෛනික කටයුතු කරන අතරතුර සොයා ගත හැකි ද්‍රව්‍ය උපයෝගී කරගෙන සරල ක්‍රියාකාරකම් මඟින් දරුවන්ට ඔවුන්ගේ ඉන්ද්‍රියන් සමඟ කටයුතු කිරීමට ඉඩ ලබා දෙන්න. ඔබට විවිධ ද්‍රව්‍යයන් ඇතුලත් කර සංවේදිතා පෙට්ටියක් නිර්මාණය කරන්නට පුළුවන්. එම පෙට්ටිය තුළින් දරුවාට එහි ඇති ද්‍රව්‍ය වල ස්වභාවය තේරුම් ගැනීමට ඉඩ ලබා දෙන්න. කෑම පිසින අවස්ථාවකදී දරුවන්ට ආහාර පිසීමට ගන්නා අමුද්‍රව්‍ය වල සුවඳ සහ රස දැන ගැනීමට ඉඩ ලබා දෙන්න. ගෙවත්තෙහි වැඩ කරන විට ඔවුන්ට පස් ඇල්ලීමට ගස් වර්ග දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන්න. ඉන්ද්‍රියන් උත්තේජනය මඟින් දරුවන්ගේ මොළය සම්බන්ධ ස්නායු වර්ධනය වේ.

නිරීක්ශනයට, ගවේශනයට සහ අත්හදා බැලීම් වලට ඉඩ ලබා දෙන්න.

නිරීක්ශනය, ගවේශනය සහ අත්හදා බැලීම් තුළින් දරුවන්ගේ කුතුහලය, නිර්මාණශීලීත්වය, ගැටලූ විසඳීමේ කුසලතා අවදි කරයි. ඔවුන් සිතීමේ ක‍්‍රියාවලියට, ප‍්‍රශ්න ඇසීමට, අත්හදා බැලීමට සහ පිළිතුරු සොයා ගැනීමට කාලය ගත කරනවා. ඔවුන්ට ස්වභාවික පරිසරයේ ඇවිද්දවීමෙන් සෙල්ලම් කිරීමට යොදාගන්නා අහිතකර නොවන අමුද්‍රව්‍ය, බ්ලොක් කැට, ප‍්‍රහේලිකා, ස්වභාවික ද්‍රව්‍ය ආදිය ලබාදීමෙන් අපට උදවු කල හැක.

සෙල්ලම් කිරීමට හැකිතාක් අවස්ථාව ලබා දෙන්න.

සෙල්ලම් කිරීම (නිවස තුළ සහ පිටත)  දරුවන්ට ඔවුන්ගේ සිතීමේ , ගැටලූ විසඳීමේ සහ සමාජ කුසලතා වර්ධනයට උපකාරී වෙයි. තනි හා කණ්ඩායම් වශයෙන් කරන සියලූම ක‍්‍රියාකාරකම් මොළය වර්ධනයට උපකාරී වෙයි. සෑම ආකාරයේම සෙල්ලම් වලට වඩා මවා ගනිමින් කරන සෙල්ලම්, එනම් විවිධ චරිත, කතන්දර, අවස්ථා ආදිය යොදා ගනිමින් සිදු කිරීම බුද්ධිමය කුසලතා වර්ධනයට රුකුලක් වනවා.

එම නිසා දරුවන්ට විව්ධත්වයකින් යුතු සෙල්ලම් බඩු ( බෝනික්කන්, මැජික් යෂ්ටීන්, ගරාජ උපකරණ, සල්ලි ) සහ සෙල්ලමට ගැලපෙන විවිධ වර්ගයේ ඇඳුම් වලින් සැරසීමට අවස්ථාව ලබා දෙන්න. මිලදී ගන්නවාට වඩා තමන්ට හැකි අයුරින් මෙම ඇඳුම් ආදිය නිර්මාණය කර ගැනීම වැදගත්ය.

දරුවන්ට පිළිතුරු හෝ උපක‍්‍රම සොයා ගැනීමට ඉඩ ලබා දෙන්න.

ගැටලූ විසඳීමේ හැකියාව මොළයේ වර්ධනයට අත්‍යාවශ්‍ය කාරණයක් ය. දරුවන්ගේ හේතු දැක්වීමට, තර්කානුකූල චින්තනයට සහ තීරණ ගැනීමේ කුසලතා වර්ධනය සඳහා ඔවුන් ලවා කුඩා ගැටලූ විසඳීමට ඉඩ ලබා දෙන්න. ඔවුන්ගේ වයසට ගැලපෙන අභියෝග ලබා දීම මොළයේ වර්ධනයට ඇති හොඳම ක‍්‍රමයයි. ඔවුනට හැකි හොඳම ආකාරයට එම අභියෝග හඳුනාගැනීමට සහ ඒවාට මුහුණ දීමට එ්වාගේම ඔවුන් විසින්ම ගැටළු විසඳා ගැනීමට ඉඩ ලබා දීම සිදුකල යුතුය.

දරුවන් සමග කියවන්න.

දරුවන් සමඟ කියවීම භාෂා වර්ධනයට සහ බුද්ධියේ වර්ධනයට උපකාරීවන ක‍්‍රියාවන් බවට පිළිගන්නා ලද්දකි. පොත් කියවීම දරුවන්ට මතකය වර්ධනය කර ගැනීමට විචාරාත්මකව සිතීමට සහ අවධානය යොමු කිරීමට අවස්ථාව ලබා දෙනවා. කියවීම දරුවන්ගේ බුද්ධිමය කුසලතා දියුණු කරනවා වගේම ජීවිත කාලය පුරාවටම කියවීමට සහ ඉගෙන ගැනීමට ආශාව ඇති කරනවා.

ඩිජිටල් තිරමත ගත කරන කාලය සීමා කරන්න.

ඔබ බලාපොරොත්තු වන්නේ දරුවාගේ විධිමත් මොළයේ වර්ධනයක් නම්͕ අධික ලෙස ඩිජිටල් තිරවලට අවධානය යොමු කිරීම තුලින් කතා කිරීම පමා වීම, අවධානය් අඩු කම,  දුර්වල සමාජ කුසලතා වැනි වර්ධනයේ අඩුපාඩු බෙහෙවින් දැකගත හැකිවනු ඇත. මෙය අඩු කිරීමට ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය වන්නේ දරුවන්ට ක‍්‍රියාශීලීව සෙල්ලම් කිරීමට, කියවීමට, සංගීතයට සවන් දීමට හෝ ඔවුන්ගේ රුචිය අනුව තෝරාගන්න ලද ඕනෑම ක‍්‍රියාකාරකමක නිරත වීමට උනන්දු කර වීමය.
හොඳ පුරුදු ඇති කරවන්න.

හොඳ පුරුදු, මොළයේ වර්ධනයට උපකාරී වන තවත් වැදගත් අංගයක්. නියමිත කාල සටහනකට අනුව අවශ්‍ය නින්ද ලබා ගැනීම, ශාරීරික ව්‍යායාම, සනීපාරක්ෂාව සහ වෙනත් සෞඛ්‍ය පුරුදු බාධාවකින් තොර බුද්ධි වර්ධනයකට මෙන්ම ජීවිතකාලය පුරාම යහපැවැත්මට පදනමක් නිර්මාණය කරයි. දෙමවුපියන් වශයෙන් දරුවන්ට ඉගැන්වීම, පුහුණුකිරීම සහ මෙම හොඳ පුරුදු කුඩා කාලයේදීම ඉගැන්වීම සිදු කල යුතුය.

හොඳ මොළයේ වර්ධනයක් සඳහා උපක‍්‍රම.

  • දරුවන්ගේ පංච ඉන්ද්‍රියන් උත්තේජනය කරන්න
  • පෝෂණයට, ගවේශනයට සහ අත්හදා බැලීම් සඳහා අවස්ථාව ලබා දෙන්න.
  • සෙල්ලම් කිරීමට හැකිතාක් අවස්ථාව ලබා දෙන්න.
  • දරුවන්ට උත්තර සහ උපක්‍රම සොයා ගැනීමට ඉඩ ලබා දෙන්න.
  • දරුවන් සමඟ කියවීම සිදු කරන්න.
  • ඩිජිටල් තිරයේ ගත කරන කාලය සීමා කරන්න.
  • හොඳ පුරුදු ඇති කරන්න.

Recommended Articles