Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

දරුවාගේ මානසික සංධිස්ථාන පිළිබඳ දැනගන්න

Dinusha Manjarie Wickremesekera

ඔබ ඔබේ දරුවා සමඟ සෙල්ලම් කරන විට හා කතා කරන විට ඔහුගේ/ඇයගේ මොළය තුළ තොරතුරු සැකසීමේ හැකියාව, සංජානන කුසලතා, භාෂා ඉගෙනීමේ හා සංකල්පයන් පිළිබඳ චින්තනය වර්ධනය වේ.

ඇවිදීම, කතා කිරීම, අල්ලා ගැනීම, තමන් විසින් ආහාර ගැනීම සහ වැඩිහිටියන් ලෙස අපි සුළු කොට තැකිය හැකි තවත් බොහෝ හැකියාවන් වැනි සංවර්ධනයේ සුවිශේෂී සංධිස්ථානයන් සනිටුහන් කරමින් අපගේ කුඩා දරුවන් කෙමෙන් වැඩෙන ආකාරය අපි දකිමු. දරුවන් වර්ධනය වන විට ඔවුන් විසින් ඉගෙන ගන්නා හැසිරීම සහ/ හෝ ශාරීරික හැකියාවන් සංධිස්ථානයන් ලෙස හඳුන්වමු. මේවා එකිනෙකට සමීපව සම්බන්ධ වුවද සංවර්ධනයේ භෞතික හා මානසික  සාධකයන් වෙනුවෙන් මෙම සංධිස්ථාන තීරණය කරනු ලබයි.

මෙම සංවර්ධන සංධිස්ථානයන් සාමාන්‍යයෙන් නිශ්චිත වයසකට සම්බන්ධ වේ. නිදසුනක් වශයෙන් වයස අවුරුදු 1 සිට 3 දක්වා දරුවකුට අපතේ යාමකින් තොරව තමන්ට ආහාර ගැනීමට, රේඛාවක් ඇඳීමට, පොදු වස්තූන්ගේ සහ ස්ථානයන්හි පින්තූර නම් කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරනු ලබයි. එසේම ශරීර කොටස් නිවැරදිව හඳුනා ගැනීම,වර්ණ හඳුනා ගැනීම සහ නම් කිරීම, විශේෂිත දේවල් සොයා ගැනීම ඇතුළු තවත් බොහෝ කුසලතාවන් තුළින් ප්‍රදර්ශනය වන්නේ ඔබේ දරුවා තනිවම යම් යම් දේ කිරීමට පටන් ගන්නා  ක්‍රියාවලියෙහි සංධිස්ථානයයි. මෙම ස්වාධීනත්වය තව දුරටත් පෝෂණය කිරීම මෙන්ම Vygotsky විසින් ප්‍රකාශ කළ දේ , ඔරොත්තු දීමේ හැකියාව වෙනුවෙන් සහාය වන අපගේ අභ්‍යන්තර සංවාදය සහ ආත්මාභිමානය යනාදිය දෙමව්පියන් ලෙස කටයුතු කිරීමේදී ඉතා වැදගත් අංගයන් ලෙස පෙන්වා දිය හැකි අතර එය ඔබේ දරුවා සහ ඔබ අතර ඇති සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්ද වේ.

ලබා දී ඇති කාල රාමුවට අනුකූලව ඒ ඒ සංධිස්ථානයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වීම අප හඳුනා ගන්නේ සංවර්ධනයේ සාමාන්‍ය ප්‍රගතියෙහි යම් හැඟවීමක් ලෙසයි. පොදුවේ ගත් කළ සමහර දරුවන් නියමිත කාලයේදී අදාළ සංධිස්ථාන වෙත කරා ළඟා වන අතර තවත් අයෙත් ඊට වඩා වේගවත් හෝ මන්දගාමී ලෙස ඊට ළඟා විය හැකිය. සමහර කුඩා දරුවන්ට මාස 8ක් වන විට ඇවිදීමට හැකි වන අතර තවත් අයෙක් ඊට මාස 13ක කාලයක් ගනිති. මෙය එතරම් ගැටළුවක් නොවේ. මෙහිදී නිරීක්ෂණය කළ හැකි ක්ෂණික සිදු වන දෙයක් ලෙස සමහර කුඩා දරුවන් සමහර තැන්හිදී ඉතා වේගයෙන් ගමන් කරන අතර සමහර තැන් හිදී ඇවිදීමත්, තවත් තැනකදී වඩාත් හෙමින් යාමත් සිදු කරති. මෙයද ගණන් ගත යුතු තත්වයක් නොවේ. උදාහරණයක් ලෙස කුඩා දරුවකුට අප අපේක්ෂා කරන වයසට පෙර හොඳින් කතා කළ හැකි වුවද ඇවිදීමට අපේක්ෂා කළ වයසට වඩා වැඩි කාලයක් ගත විය හැකිය. කෙසේ වුවද ඒ සම්බන්ධ සැළකිය යුතු ප්‍රමාදයක් දක්නට ඇත්නම්  විශේෂඥ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. ඒ ආකාරයේ  දරුවාගේ සැළකිය යුතු ප්‍රමාදයන් කලින් හඳුනා ගැනීම තුළින් ඒවා පහසුවෙන් විසඳා ගැනීමේ හැකියාවද උදා වේ.

දරුවාගේ සැබෑ තේරුම් ගැනීම හෝ සිතීමේ ක්‍රියාවලිය වර්ධනය කිරීමට පෙර පර්යේෂකයන් විසින් නැවත නැවතත් සොයා ගෙන ඇති කරුණු දෙකක් මෙහිදී සඳහන් කළ හැකිය.

1. අපගේ මානසික වර්ධනය කෝපය, කාංසාව වැනි විවිධාකාර හානි දායක දේවලින් සීමා වී ඇති අතර අත්දැකීම් සහිත හානි දායක දේ වලට එරෙහි වන අදහස් මඟින් ඒවා පෝෂණය වේ.

2. මිනිසුන් සහ ඔවුන්ගේ අවට ලෝකය සමඟ අන්තර්ක්‍රියා කිරීම තුළින් චින්තන හැකියාවන් වැඩි දියුණු වේ. වෙනත් අයුරකින් කිවහොත් මුල් අත්දැකීම වැදගත් වන අතර වැඩි දියුණු කළ අත්දැකීම් කිරීම තුළින් ලෝකය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට මෙන්ම මොළයේ නිර්මාණාත්මක බව වර්ධනය කිරීමට හැකි වේ.

ඔබේ දරුවා මුහුණු වලට අවධානය යොමු කරන ආකාරය දේවල් වෙනස් නොවන්නේ නම් ටික වේලාවකට පසු ඔවුන් කම්මැලි වන ආකාරය ඔවුන්ගේ ඔබට දැකිය හැකි පළමු හැසීරීමයි. මින් අපට පවසන දෙය නම් ඔවුන් විවිධ දේවල් දැකීමට කෙතරම් කැමතිද? යන්නයි. ඒ අතරම ඔවුන් ප්‍රියතම දේවල් සමඟ සම්බන්ධ වන අතර එය ඔවුන්ට නිවැරදිව තෝරා ගැනීමට හැකි ආකාරයද ඔබට දක්නට ලැබෙනු ඇත.

දරුවාට වසරක් පමණ වන විට ඔවුන් අවට ඇති දේවල් ගවේෂණය කරවෙනස් කරන ආකාරය,ඔවුන් ඒවා සොලවන, තට්ටු කරන හා විසි කරන ආකාරය, වඩාත් පහසුවෙන් දේවල් සොයා ගැනීමට කටයුතු කරන ආකාරය,හැසිරීම් අනුකරණය කරන ආකාරය සහ කෝප්පයකින් වතුර බීම හෝ පනාවකින් ඔළුව පීරීම වැනි දේ නිවැරදිව සිදු කිරීමට පටන් ගන්නා ආකාරය ඔබට දක්නට ලැබෙනු ඇත. වසර 2ක් වන විට ඔවුන්ට කුඩා හැඩයන් සහ වර්ණ හඳුනාගැනීමට, නිතර භාවිත කරන පොත්වල වාක්‍ය හා කවි සම්පූර්ණයෙන් පැවසීමට සහ විශ්වාසය පදනම් කරගත් ක්‍රීඩාවල යෙදීමට මෙන්ම එකවර ලබා දී ඇති උපදෙස් 2ක් එකවර ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකි වේ.

අපගේ දරුවන්ගේ බුද්ධිමය හා මානසික වර්ධනයට සහාය වීම පිණිස මෙය භාවිත කළ හැක්කේ කෙසේද?

1. මෙය උත්තේජනය සඳහා හොඳම මාර්ගය ක්‍රීඩාවයි. එය විනෝද ජනක වන අතර ඒ තුළින් නව අත්දැකීම්,සමාජ අන්තර් ක්‍රියා අත්දැකීම් හිමි වේ. ඔබට අපූර්ව වූ ලෝකයක් නිර්මාණය වෙනුවෙන් එදිනෙදා භාණ්ඩ භාවිත කළ හැකිය.

2. දරුවන්ට තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන්න - වඩාත් විශ්වාවන්ත ලෙස තීරණ ගැනීමට එය ඔවුන්ට උපකාරී වේ.

3. දරුවන්ට විවිධ අත්දැකීම් ඇති බව තහවුරු කර ගන්න. ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට ඒ පිළිබඳව ඔබ සමඟ රසවත් සංවාදයක යෙදෙමින් කතා කරන්න.

ගැටළු විසඳීම හා ස්වාධීනත්වය වැඩි දියුණු කිරීම සඳහා දරුවෙකුට යමක් ඉගෙනීමට සහයෝගය ලබා දෙන්න. එමෙන්ම ඔහු/ඇය ක්‍රමයෙන් දියුණුවට පත් වන විට ඔවුන්ගේ කාලයෙන් වැඩි යමක් සිදු කර ගැනීමට ඉඩසළසමින් ඔබේ සහයෝගය ටිකෙන් ටික ඉවත් කරන්න.

 

උපදෙස - බුද්ධි වර්ධනයට යමක් ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කර ගැනීමේ හා පුරෝකතනය කිරීමේ ක්‍රියාවලිය ඇතුළත් වේ. අත්පුඩි ගැසුවොත් ශබ්දයක් එන බව අපි දනිමු. කිරීමෙන්, ක්‍රීඩාවෙන් හා අන්තර් ක්‍රියා මඟින් අපි එය ඉගෙන ගත්තෙමු. මෙය වැඩි දුර කියවා ඔබේ දරුවාගේ මානසික වර්ධනය පෝෂණය කළ හැක්කේ කෙසේදැයි සොයා බලන්න.

Recommended Articles