අපේක්ෂාව : බලාපොරොත්තු සහ පිළිගැනීම
Dinusha Manjarie Wickremesekera
දරුවා ගැන අහස උසට බලාපොරොත්තු තියාගන්න එක ඕනැම දෙමාපියෙක් කරන දෙයක්.
සාමන්‍ය ලෙස සෞඛ්‍යසම්පන්නව වැඩෙන දරුවෙකුට සමාජයේ පිළිගැනීමක් මෙන්ම ජීවිතය ජය ගැනීමට ප්‍රමාණවත් තරම් අවස්ථා ද හිමි විය යුතු බව අපි අපේක්ෂා කරනවා. සමහර විට දරුවා ගැන අපේම පිළිගැනීම මේ හරහා මැනගන්නවා. සාමාන්‍ය අදහස ගැන අපි හිතන්නේ එක් පැත්තකින් විතරක් වෙන්න පුළුවන්. නමුත් යථාර්ථය නම්, අපට වගේම අපේ දරුවන්ටත් අනන්‍ය වූ විශේෂාංග සහ ලක්ෂණ රැසක් තිබෙන බව පිළිගැනීමයි. ඒවා නිරන්තරයෙන් අගය කිරීම තුළින් යහපත ළඟා කර ගත හැකි බව අසත්‍යයක් නෙවෙයි.
දරුවන් හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවලට ගොස් යහපත් ජීවිත ගත කරාවිය යන සිතුවිල්ල අප නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන දෙයක්. නමුත් අපි ජීවත් වෙන මේ තරඟකාරී සමාජය ඇතුළෙ ඒ ඉලක්කය තරමක් අභියෝගාත්මකයි නේද? ඉතිං අපි අපේ බලාපොරොත්තු වෙනුවෙන් දරුවන්ට දක්වන පිළිගැනීම සහ ආදරය හොඳ විදියකට පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා.
පුංචි දරුවෙකු තම ජීව විද්‍යාත්මක හැඩගැස්මට අනුව වර්ධනය වූ පසු දෙමාපියන් සහ සමාජය ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද? දරුවාගේ හැඟීමට සවන් දෙන්නේ ලැබුනොත් ඒ හැඟීම මොන වගේ එකක් වේවිද?
“මම සාමාන්‍ය අය වගේ නෙවෙයි. සාමාන්‍ය අදහස ප්‍රශ්න කරන එක සහ ආකල්පවල තියන වෙනස නිසා මං අනිත් අයට වඩා වෙනස්. ඒ නිසා මිනිස්සු මං ගැන මොනව හිතනව ඇද්ද කියලා මං නිතරම කනස්සල්ලෙන් ඉන්නෙ. මම කරුණාවන්ත, හිතවත්, හිතුවක්කාර, බුද්ධිමත් වගේම හාස්‍යයට කැමති කෙනෙක්. නමුත් මට බය, මම අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ එක හේතුවක් විතරක් නිසා කියන එකටයි. මං ගැන කවුරු මොනවා හිතයිද කියන උපකල්පනය නිසා මම තනියම කනස්සල්ලෙන් ඉන්නවා. මිනිස්සු මට කියන කරන දේවල්වලින් මට පීඩාවක් වේවිය කියා මට හිතෙනවා. මට අවශ්‍ය වන්නේ පිළිගැනීම සහ ආදරයයි. මට ඒ වෙනුවෙන් දිය හැකි දේ තමා මිත්‍රත්වය, උද්යෝගය සහ යහපත් හෙටක් වෙනුවෙන් හොඳ අදහස් වගේ දේවල්. මාව පිළිඅරගෙන මට කළ හැකි උපරිමය වෙනුවෙන් උදව් කරන්න.”
“ඔබට මාව මුණ ගැහුණට පස්සෙ, ඔබට වැටහෙන්න ඇති ඔබ බලාපොරොත්තු වන හැමදේම මට කරන්න බැරි බව. මොකද මට තාමත් හරි හැටි ඇස්වලින් දකින්න බැහැ. මටත් අනිත් අය වගේ දකින්න ආසයි. නමුත් මගේ ඇසීම සහ පෙනීම ඔබේ වගේ නැහැ. ඊට අදාළ සංවේදන තවමත් දියුණු වෙලා නැහැ. මම තවමත් ළදරුවෙක්. ක්‍රමයෙන් වැඩි වියට පැමිණිලා වැඩිහිටියෙක් බවට පත් වෙන්න මට තව කාලයක් ගත වේවි. මගේ සිහින සැබෑ කරගන්න මට උදව් කරන්න. ලස්සන ලෝකයක් නිර්මාණය කරන්න මටත් දායක වෙන්න මටත් පුළුවන්”
“මගේ මොළය ඉතා වේගවත්. එය අදහසකින් අදහසකට, ක්‍රියාකාරකමෙන් ක්‍රියාකාරකමට වේගයෙන් මාරු වෙනවා. මට මේ දේවල් ඔබට විස්තර කරලා කියාගන්න හැකියාවක් නැහැ. ඒ වගේම මට තාම යමක් හරිහැටි අවබෝධ කරගන්නත් අමාරුයි. මට එකම දෙයක් ගැන එක දිගට සිත රැඳවා ගන්නත් අමාරුයි. මම කැමතියි සෙල්ලම් කරන්න. දඟලන්න, අදින්න පෙරළන්න. ඔබට ඒවා දඟ වැඩ විදියට පෙනෙනවා ඇති. මට ගොඩක් හැඟීම් දැනෙනවා. නමුත් මට ඒවා පාලනය කරගන්න තේරෙන්නෙ නැහැ. ඒ වෙනුවෙන් මට යම් කාලයක් ගත වේවි. මට ඒ වෙනුවෙන් ඔබේ උදව් අවශ්‍යයි. මාව විශ්වාස කරන්න. මට දැනෙන කේන්තිය සහ අනෙකුත් සිතුවිලි පාලනය කරන්න ඔබ මට උදව් කරනවා නම් මගේ ඉහළ ක්‍රියාශීලීත්වය ප්‍රයෝජනවත් සහ විනෝදජනක විදියට යොදාගන්න මට පුළුවන් වේවි.
මගේ ආත්ම අභිමානය සහ විශ්වාසය පවත්වා ගන්න මට අවශ්‍යයි, ඒ නිසා ඔබ විසින් නියම කරන සීමාවන් සහ දඬුවම් වගේම මට ඔබේ ප්‍රශංසාවත් ගොඩක් අවශ්‍යයි. මාව පිළිගෙන සමාජයේ කොටසක් බවට පත් වෙන්න, ලෝකයට යහපතක් කරන්න මට උදව් කරන්න. ”
සම්බන්ධතා ගොඩනැඟෙන්නේ පිළිගැනීමත් සමඟයි. දරුවන්ට පිළිගැනීම සහ ආදරය ගැන මුල්ම අත්දැකීම ලැබෙන්නෙ දෙමාපියන්ගෙන්. ඔවුන්ගේ මේ කතාවලට ඔබ ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?
“සෑම දරුවෙකුගේම සාර්ථකත්වයට අවශ්‍ය වන්නේ සැලකිලිමත් වැඩිහිටියෙකි” ජෝෂ් ෂිප්
ඉඟිය : දේදුන්නේ සෑම වර්ණයක්ම වෙන වෙනම බැලුවත් ලස්සනයි. ඒ සියල්ල එකට එකතු වී අලුත් දෙයක් නිර්මාණය කරනවා. විවිධත්වයේ වටිනාකම අපට පෙන්වමින් අපව පුදුමයට පත් කරන ලස්සන දේදුන්නක් එමඟින් නිර්මාණය කරනවා. දරුවන්ගේ විවිධ සිතුවිලි දේදුන්නක් මෙන් එකට කැටි කොට ඔවුන් දෙස බලන්නට ඔබේ හදවතත් මනසත් විවර කර තබාගන්න.