“ළදරුවෙකුගේ වර්ධනය“ යනු සියල්ල නොවේ! තව බොහෝ දේ තිබේ...

Cloud Background
Cloud Background
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element
Moon Element Star Element Star Element Star Element Star Element Moon Element Star Element Star Element Star Element Moon Element Star Element

“ළදරුවෙකුගේ වර්ධනය“ යනු සියල්ල නොවේ! තව බොහෝ දේ තිබේ...

Nimali Buthpitiya

වර්ධනය යනු ඔබේ දරුවාගේ ගමන් මගේ සතුටින් සිටිනා,ඔරොත්තු දෙන සහ සාර්ථක පුතෙකු හෝ දුවෙකු බවට පත්වීමට අදාළ සෑම දෙයක්ම නොවන බවට අවබෝධයක් තිබීම දෙමාපියන්ගේ වැදගත් අංගයකි.ඔබ  ඔබේ දරුවාගේ ශාරීරික ලක්ෂණවල දකිනා වෙනස, අපි වර්ධනය ලෙස හඳුන්වමු.මෙම  ශාරීරික වෙන්ස්කම් දරුවා වර්ධනයේ අනුපිලිවෙලක් පසු කරගෙන යන විට දැකගත හැකි වේ.  

වර්ධනය යනු ස්වාධීන කරුණක් නොවන අතර එය දරුවාගේ ජීවිතයේ දියුණුවට දායක වන වැදගත් තවත් බොහෝ ක්ෂේත්රවල සංවර්ධනයට දායක වේ.මුල් ළමාවිය යනු දරුවන් ඔවුන්ගේ ජීවිතවල වඩා වේගවත් වර්ධනයක් සහ සංවර්ධනයක් අත්කරගන්නා කාල පරිච්ඡේදයකි.මීට අයත් වන්නේ භෞතික ලක්ෂණවල වෙනස්කම් පමණක්ම නොවේ.එයට දරුවාගේ චිත්තවේගීය,හැසිරීමේ,පෞරුෂමය,චින්තනයේ සහ අවබෝධයේ වෙනස්කම් සහ චිත්තවේගීය,භාෂාව සහ සන්නිවේදනය, බුද්ධිමය කුසලතා මෙන්ම සමාජ කුසලතා ලෙස හඳුනාගෙන ඇති වෙනත් බොහෝ කුසලතා අයත් වේ.  

වර්ධනය යනු කුමක් ? සංවර්ධනය යනු කුමක් ?

සම්පූර්ණ උස සහ දරුවාගේ ශරීර අවයව වල ප්රමාණය වැඩිවීම සහ සුදුසු බර ලබා ගැනීම භෞතික වර්ධනයට අයත් වේ.ඔබගේ දරුවාගේ සංවර්ධනය, වර්ධනයට සීමා නොවේ;එය භෞතික ප්රගතිය ඉක්මවා ගොස් ඔබේ දරුවාට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයෙදී සිනහවීම වැනි සරලම දේ සිට ප්රහෙලිකා විසදීම,මිත්රත්වය ඇතිකර ගැනීම හෝ සංවේදනය පෙන්වීම වැනි සංකීර්ණ කරුණු දක්වා විවිධ කර්තව්යයන් කිරීමට හැකිවන තීරණාත්මක කුසලතා අත්කර ගැනීමට ඉඩ සලසයි.

ඔබේ දරුවාගේ සංවර්ධන කාණ්ඩ ගැන තව දැනගමු!

ඔබේ දරුවාගේ සර්ව සම්පූර්ණ සංවර්ධනය සඳහා තීරණාත්මක වන ක්ෂේත් පිලිබඳ දැනගැනීම අතිශයින් වැදගත් වේ.ඔබ දැනුමැති සහ අර්ථවත් වූ විට ඔබේ දරුවාට ඔවුන්ගේ සංවර්ධන සංධිස්ථානයන් සාර්ථකව පසුකර යාමට දායකවීමට හැකියාව එමගින් ලැබේ.අපගේ වටිනා දරුවන්ගේ නීරෝගී සහ සමබර සංවර්ධනය ඔවුන්ට ආදරය කරනා,රැකබලා ගන්නා වැඩිහිටියන් ලෙස අපට සැමවිටම පැවරී ඇති යුතුකමකි.

මුල් වසර වලදී අප වැඩි වශයෙන් අවධානය යොමු කරනා ප්රධාන සංවර්ධන කාණ්ඩ පහක් ඇත.ඒවා,

  • භෞතික සංවර්ධනය
  • බුද්ධිමය හෝ සන්ජානන සංවර්ධනය
  • භාෂා සහ සන්නිවේදන සංවර්ධනය 
  • චිත්ත්වේගීය සහ චර්යාත්මක සංවර්ධනය 
  • සමාජ සංවර්ධනය 

භෞතික සංවර්ධනයට ඔබේ දරුවා ඇවිදීමට,දිවීමට,නැගීමට,චිත් ඇදීමට,කුඩා අයිතම ග්රහනය කරගැනීමට,වස්තූන් හැසිරවීමට,උපකරණ වාදනය කිරීමට වැනි ක්රියාකාරකම් සිදුකිරීමට අවශ් කුසලතා ලබා ගැනීම අයත් වේ.මෙම කාර්යයන් සිදුකිරීමට ශරීරයේ කුඩා සහ විශාල මාංශ පේශීවල සංවර්ධන සිදුවීම අවශ් වේ.

සංජානන සංවර්ධනයට පරිකල්පනය,නිර්මාණශීලීත්වය,ගැටලු විසදීම,කටපාඩම් කිරීම මෙන්ම ජීවිතය සහ ලෝකය පිලිබඳ සංකල්ප අවබෝධ කරගැනීම වැනි බුද්ධිමය හැකියාවන් පරිණතවීම අයත් වේ.

භාෂා සහ සන්නිවේදන සංවර්ධනයට ඔබේ දරුවා,අන් අය සමඟ මනාව සන්නිවේදනය කිරීමට භාෂාව තේරුම් ගැනීමට හා හැසිරවීමට ඔහුගේ හෝ ඇයගේ ඇති හැකියාව වර්ධනය කරගැනීම අයත් වේ.

ඔබගේ දරුවාගේ චිත්තවේගීය සහ චර්යාත්මක සංවර්ධනය සාමාන්යයෙන් මනිනු ලබන්නේ එදිනෙදා අවස්ථාවන්හිදී අන් අය සමඟ ඔවුන්ගේ අන්තර්ක්රියා නිරීක්ෂණය කිරීමෙනි.ඉහතින් දක්වා ඇති අනෙකුත්  කාණ්ඩවල සංවර්ධනය තමන්ගේ හැගීම් සහ අනෙක් අයගේ හැගීම් තේරුම් ගැනීමට ඔවුන්ට ඇති හැකියාව,ඔවුන් ප්රතිචාර දක්වන ආකාරය (චිත්ත්වේගීයව සහ චර්යාත්මකව) සහ ඍනාත්මක චිත්තවේගීය තත්වයන්ට නිරන්තර්යෙන් බලපායි.

ළමුන් තුළ සමාජ සංවර්ධනය යනු සමාජ සැකසුම් තුල අන් අයට සහ තමන්ට සබදතා ඇතිකර ගැනීම,අර්ථවත් සබදතා ගොඩනගා ගැනීමට සහ සමාජ අනන්යතාව වර්ධනය කරගැනීමට අවශ් කුසලතා සංවර්ධනය කරගැනීමයි.මෙයට සංවේදනය,දයානුකම්පාව,බෙදාගැනීම,සහයෝගීතාව, සවන්දීම සහ භාවිතා කිරීමේ පුරුදු වැනි ගුණාංග පෝෂණය කිරීම ඇතුළත් වේ.

ඔබට සිතා බැලීමට  ප්රශ්නයක්...

සියල්ලෙන්ම මා වඩාත් වැදගත් සංවර්ධන කාණ්ඩය ලෙස සලකන්නේ කුමක් ?

ඇතැම් සංවර්ධන ක්ෂේත් අනෙක් ඒවාට වඩා අතිශයින් වැදගත් ලෙස මා සැලකුව හොත් කුමක් සිදුවේ ?  

නිගමනය

සියලුම සංවර්ධන කාණ්ඩ එක සමාන ලෙස වැදගත් වේ.ඒවා එකිනෙකට සම්බන්ධවී ඇති අතර සමගාමීව ප්රගතියක් ලබාදෙයි.එක් කාණ්ඩයක ප්රගතිය අනෙක් සියලුම කාණ්ඩවල ප්රගතියට සහායවේ.එබැවින් එක් සංවර්ධන ක්ෂේත්රයකින් පමණක් ඔබගේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ පූර්ණ හැකියාවන් ලගාකර ගැනීමට තනිව දායක විය නොහැකි බව මගේ අදහසයි.දරුවන් වටා සිටිනා දෙමාපියන් සහ වැඩිහිටියන් ඉහත සාකච්ජා කල සියලු අංශවල සංවර්ධනයට සහාය විය යුතුය.

අපි ඇතැම් සංවර්ධන කාණ්ඩ අනෙක් ඒවාට වඩා උසස් ලෙස සැලකුව හොත් අපි අපගේ ආදරණීය දරුවන්ගේ සංවර්ධනයේ කොටසක් නොසලකා හැරියා විය හැකිය.මෙය දරුවාගේ සමස්ථ සංවර්ධනයේ අසමතුලිතතාවක් ඇතිකර දියුණුව සදහා දරුවාට ඇති අවස්ථා සීමා කිරීමට හේතු වේ.

සැලකිලිමත් විය යුතු කරුණු

  • වර්ධනය සහ සංවර්ධනය යනු එකම නොවන බව.
  • ඔබේ දරුවාට දියුණුවීමට ඔබ උපකාර කරන ආකාරය මින් වෙනස්කල හැකි බව අවබෝධ කරගැනීම.
  • වර්ධනය පමණක් නොව සංවර්ධනය කෙරෙහිද අවධානය යොමු කිරීම තුළින් දරුවන්ට අපෙන් ලැබෙනා සහයෝගය අර්ථවත් වේ
  • ළමුන්ගේ පූර්ණ වර්ධනය ප්රධාන වශයෙන් කාණ්ඩ පහක් තුළ සිදු වේ.මේවා භෞතික,බුද්ධිමය,සංජානන,භාෂාව සහ සන්නිවේදනය,චිත්ත්වේගීය සහ චර්යාත්මක මෙන්ම සමාජීය යන කාණ්ඩයි.
  • කිසිදු කාණ්ඩයක් අනෙක් කාණ්ඩවලට වඩා උසස් නොවේ.
  • ප්රීතිමත්,සෞඛ් සම්පන්න සහ ඔරොත්තු දෙන දරුවෙකු දැකීමට මෙම සංවර්ධන කාණ්ඩ එකවර ප්රගතියක් ලැබිය යුතුය.

සමස්ත සංවර්ධනය දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ උපරිම හැකියාවන් ලගාකර ගැනීමට ඉඩ සලසයි.

Recommended Articles